පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට අදාළ සියලු ආයතන වෙත කෝප් කමිටුවෙන් කැඳවීමක් සිදුකර තිබෙනවා.
කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේ එළඹෙන ඔක්තෝබර් මස 02 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම කැඳවීම සිදුකර ඇති බවයි.
කෝප් කමිටුවේ සිදුවන කාර්යය භාරය සහ එහි කටයුතු ඉදිරියට පවත්වා ගෙන යාමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම කැඳවීම සිදුකර තිබෙනවා.
කෝප් කමිටුවට රාජ්‍ය ව්‍යාපාර 457ක් අයත් වන අතර එම ආයතනවල ලේකම්වරුන්ට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දී ඇති බවද වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කලා.
අදාළ ආයතනවල විගණනයන් පිළිබඳව සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මූලිකව තොරතුරු ලබා ගැනීම මෙහිදී සිදු කිරීමට නියමිතයි.