රාජ්‍ය ව්‍යාපාර සඳහා පොදු නීති රාමුවක් ඇතුළත් කෙටුම්පතක් සකස් කිරීම ආරම්භ කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
මුදල් නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේ, මෙරට ආර්ථිකයට ඵලදායි සහ ගුණාත්මක ආකාරයෙන් සම්බන්ධ වීමට රාජ්‍ය ව්‍යාපාරවලට අවස්ථාව සලසා දීම, එහි අරමුණ බවයි.
මෙතෙක් කලක් නිශ්චිත නීති රාමුවක් සකස් කර නොතිබීම, රාජ්‍ය ව්‍යාපාර අක්‍රමවත් වීමට හේතුවී ඇති බවයි ඔහු සඳහන් කළේ.
නව කෙටුම්පතේ අඩංගු රෙගුලාසි හරහා ලාභ ඉපයීමට මෙන්ම, ජනතාවට සාධාරණ අයුරින් භාණ්ඩ හා සේවා ලබාදීමට අවස්ථාව උදාවන බව, නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.