රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කරමින් ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජනතා අංශයේ ධාවකයා බවට සමූපකාර ව්‍යාපාරය පත්කිරීම වෙනුවෙන් ස්වාධීන හා ශක්තිමත් සමූපකාර ව්‍යාපාරයක් රට තුළ ගොඩනගන බවයි.
සමූපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමන්මග පිළිබඳව සාකච්ඡා කිරීම සදහා කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවැසුවා.