මෙම වසරේ පළමු භාගයේදී ප්‍රධාන ඇතුළත් නොවන සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,321.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එය සියයට 24.8%ක වර්ධනයක් බවයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සදහන් කළේ.
එම අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව මගින් මේ බව අණාවරණය කර තිබෙනවා.
2024 පළමු භාගයේ රුපියල් බිලියන 1,860.6ක ආදායමට සාපේක්ෂව මෙම වර්ධනය සිදුවී ඇති අතර, බදු ආදායම මූලික දායකත්වය ලබාදී තිබෙනවා.
ඒ අනුව, බදු ආදායම 2024 වසරේ රුපියල් බිලියන 1,709.3කට සාපේක්ෂව රුපියල් බිලියන 2,151.1 දක්වා සියයට 25.9%කින් ඉහළ ගොස් තිබුණා.
මෝටර් රථ නිෂ්පාදන බදු සියයට 335.6% කින් රුපියල් බිලියන 99.5ක වර්ධනයක් පෙන්නුම් කරනවා.
එමෙන්ම එකතු කළ අගය මත බදු 27.6%කින් රුපියල් බිලියන 170.4ක වර්ධනයක් ලබා ගෙන ඇති බවයි සදහන් වන්නේ.
රේගු ආනයන බදු 92.7%කින් ඉහළ ගොස් ඇති අතර ආදායම් බදු 9.2%කින් ඉහළ ගොස් තිබෙනවා.
සියයට 70.5% කින් වෙළෙඳ භාණ්ඩ බදු සමාජ ආරක්ෂණ බදු ආදායමද සියයට 17.7% ක වර්ධනයක් පෙන්නුම් කරනවා.
එමෙන්ම නපෙට්‍රෝලියම් නිෂ්පාදන බදු රුපියල් බිලියන 15.0ක වර්ධනයක් වර්ධනයක් වන අතර එය සියයට 15.5% වර්ධනයක් වනවා.
සුරාබදු සියයට 9.2% කින් රුපියල් බිලියන 9.1ක වර්ධනයක් සහ සෙස් බදු 9.3%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3.5ක වර්ධනයක් පෙන්නුම් කරනවා.
මෙම ආදායම් වර්ධනය රජයේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට දායක වනු ඇති බවයි එම වාර්තාවේ වැඩි දුරටත් දක්වා ඇත්තේ.
උණුසුම් පුවත්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- බෙල්ලනගේ වැඩ තහනම්
- වැඩි මිලට ටින් මාළු අලෙවි කළ ඇඹිලිපිටියේ කඩ දෙකකට දඩ
- රත්නපුර මහ නගර සභාවේ අයවැය දෙවනවර කියවීමත් පරදී
- නායයාමේ අවදානමක් නිසා පුස්සැල්ලාව ටවුමේ කඩ හතක් වසාදමයි
- පුද්ගල ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙක් අල්ලයි
- පුද්ගල ඝාතන දෙකක්
- උඩරට එළවළු මිලට වඩා පහතරට එළවළු මිල සීග්‍රයෙන් ඉහලට













