රාජකීය නෝර්වේජියානු නාවික හමුදාවට අයත් ්HNOMS ROALD AMUNDSEN නෞකාව දිවයිනට පැමිණ තිබෙනවා.
නාවික හමුදාව කියා සිටියේ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රාජකීය නෝර්වේජියානු නාවික හමුදාවට HNOMS ROALD AMUNDSEN නෞකාව පසුගිය 10 වැනිදා දිවයිනට පැමිණි බවයි.
එලෙස පැමිණි නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම හම්බන්තොට වරායේදී සිදුකර තිබෙනවා.
මෙලෙස දිවයිනට පැමිණ ඇති Frigate වර්ගයට අයත් HNOMS ROALD AMUNDSEN නෞකාව දිගින් මීටර් 133.25ක් හා නැව් මුළුව 165කින් සමන්විත වනවා.
නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස SG Cdr Roger Lervik කටයුතු කරන බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය කියා සිටියේ.
සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව HNOMS ROALD AMUNDSEN නෞකාව ඊයේ(11) දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.