ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සදහා සහකාර රස පරීක්ෂකවරුන් 26 දෙනෙකු බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ, මේ වන විට ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර රස පරීක්ෂක පුරප්පාඩු 30ක් පමණ පවතින බවයි.
ඒ හේතුවෙන්, රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමට අදාල කටයුතුවලට ගැටලු මතුව තිබෙනවා.
ඒ අනුව මීට අදාළ සම්මුඛ පරීක්ෂණ පවත්වා, නව බඳවා ගැනීමේ පෙබරවාරි මුල් සතිය තුළ සිදුකර අවසන් කරන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.













