හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු රස පරීක්ෂක කාර්යාලයේ කාර්ය සහයකයෙකු වශයෙන් සේවය කරන පුද්ගලයෙකු බවයි පොලිසිය සදහන් කළේ.
මාලඹේ පොලිස් වසමේ හෝකන්දර ප්‍රදේශයේ නිවසක දී මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 265 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.