කැලණිය විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා ශිෂ්‍යාවක් වන රසාරා විජේසූරිය, නව ජාතික වාර්තාවක් තබා තිබෙනවා
ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින්, කාන්තා මීටර් 10000 ඉසව්වෙන් තත්පර 33:39.60 කින් ඇය නව ජාතික වාර්තාවක් පිහිටුවා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ
අද උදෑසන දියගම ක්‍රීඩාංගනයේ පැවති පළමු ජාතික තේරීම් අත්හදා බැලීමේදී ඇය එම ඉසව්වෙන් මෙම නව ජාතික වාර්තාවක් තබා ඇති බවයි වාර්තා වෙන්නේ
ඒ අනුව ඇය 2017 දී හිරුණි විජේරත්න විසින් තබා තිබූ 33:55.04 වාර්තාව අභිබවා ගොස් තිබෙනවා