ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් රනිල් වික්රමසිංහ මහතා සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර අද තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
මීට පෙරද දෙපාර්ශවය අතර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී සාකච්ඡා පැවැත්වුණා.
එහිදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රධානත්වයෙන් ගොඩනැගිමට නියමිත නව සන්ධානය පිළිබදව දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා.
මේ අතර රනිල් වික්රමසිංහ මහතාගේ පාර්ශයේ පිරිසක් ඊයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.