Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්
    • විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම හුදෙකලා සිදුවීමක් නෙවෙයි – විපක්ෂ නායක

    රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම හුදෙකලා සිදුවීමක් නෙවෙයි – විපක්ෂ නායක

    2025-08-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.47 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ මතුව ඇති දේශපාලනික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ හමුවක් අද (25) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

    රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හුදෙකලා සිදුවීමක් නොව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සඳහා ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නක් බව මෙහිදී සඳහන් කළ විපක්ෂ නායකතුමා එම අභියෝගයට මුහුණ දීම සඳහා විපක්ෂයේ සියලු‍ දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුනී.

    ඒ සඳහා විපක්ෂයේ සියලු‍ දේශපාලන පක්ෂ සමඟ කෙටිකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට මෙම සාකච්ඡාව කැඳ වූ බව විපක්ෂ නායකතුමා අවධාරණය කළේය.

    මෙම හමුවේ දී අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේ මේ මොහොතේ ප්‍රධාන ප්‍රශ්න දෙකකට පිළිතුරු සෙවිය යුතු බව පෙන්වා දුනි.

    පළමුවැන්න රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙළ යි. දෙවැන්න රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට එල්ල වී ඇති අභියෝගය ජයග්‍රහණය කිරීම යි. ඒ සඳහා සියලු‍ දේශපාලන පක්ෂ සිය දේශපාලන මත පසෙකලා එකමුතු විය යුතු බව හිටපු ජනාධිපති මෛත`ීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.

    මේ අවස්ථාවට සහභාගි වූ සියලු‍ම දේශපාලන පක්ෂ නියෝජිතයින් ප්‍රකාශ කළේ විපක්ෂයේ සමස්ත දේශපාලන පක්ෂ ඒ සඳහා එකමුතුව කටයුතු කිරීම වැදගත් බව යි.

    රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩු කටයුත්ත මෙන්ම ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව විපක්ෂය එකමුතුව දිගින් දිගටම ක්‍රියාත්මක වීමේ වැදගත්කම අවධාරණය කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි කටයුතු සඳහා පක්ෂ ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාකාරී කමිටුවක් පත් කිරීමටද පියවර ගත්තේය.

    අද රැස්වූ සියලු‍ම පක්ෂ නායකයින් අගෝස්තු 27 වනදා යළිත් විපක්ෂ නායක කාර්යාලයේදී රැස්වීමට ද තීරණය කරන ලදී.

    පෙර පුව​ත2029 නාමල් නිතරගයෙන් රටේ ජනාධිපති කරනවා
    ඊළඟ පුව​ත අද දවසේ කාලගුණ තත්ත්වය

    සබැ​ඳි පුවත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-26
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group