ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර තවත් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
මෙය ඔවුන් දෙදෙනා අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පැවති 06 වැනි සාකච්ඡා වටයයි.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය අද බත්තරමුල්ල රජමල් වත්තේදී විවෘත කිරීමට නියමිත බව වාර්තා වනවා.
මීට සමාගමීව ආසන මට්ටමින් ද ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාල විවෘත කරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ.