2022 ජූලි 18 වන දින වැඩබලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පැනවූ හදිසි නීතිය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
2022 වසරේ ජූලි 17 වන දින අරගලකරුවන් පාලනය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ විසින් දිවයින පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබීය.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිගා සත්කුණ නාදන් සහ ලිබරල් තරුණ ව්‍යාපාරය විසින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීරණය කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයකට අදාළව තීන්දුවක් ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ, නීති විරෝධී හදිසි නීතිය හේතුවෙන් පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවටයි.