හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අද සිට බලපැවැත්වෙන පරිදි කන්කසන්තුරේ දක්වා මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බව සදහන්.
එමෙන්ම මේ සඳහා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව ඇති බව ද වාර්තා වනවා.
මෙලෙස ස්ථාන මාරු ලද ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ වසර 23ක් පුරා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක ඒකකයේ කටයුතු කළ අතර ඔහුගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස වසර 15ක් සේවය කර තිබෙනවා.