හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව ලබන ජනවාරි මස 28 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළා.
ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවීමෙන් අනතුරුවයි.
ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධූර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස ලන්ඩනය වෙත ගොස් රජයට රුපියල් කෝටි එකහමාරකට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩුවක් ගොනු කර තිබුණා.
හිටපු ජනාධිපතිවරයා විසින් මෙලෙස ලන්ඩනය බලා ගොස් තිබුනේ සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්වයක් සඳහායි .
මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය අගෝස්තු මස 22 වැනිදා සිට 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරණු ලැබුවා .
නමුත් ඔහුගේ රෝගී තත්ත්වයක් සැලකිල්ලට ගෙන බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කෙරුනේ.





 


 







 
								