රන් මාලයක් කොල්ලකෑමට උත්සාහ කළ සැකකාරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ හැටන් නගරයේ ස්වර්ණාභරණ ආයතනයකින් රන් මාලයක් කොල්ලකෑමට තැත්කළ සැකකාරියක් හැටන් පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවින්න ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පදිංචිකාරියකි.
සැකකාරිය රන් භාණ්ඩ මිලදී ගැනීමේ මුවාවෙන් ස්වර්ණාභරණ ආයතනයට පැමිණ එහි හිමිකරුගේ මුහුණට රසායනික ද්‍රව්‍යක් අල්ලා රන් මාලයක් කොල්ලකෑමට තැත්කර තිබෙනවා.
අදාළ රන් මාලය සැකකාරිය සන්තකයේ තිබූ ස්ප්‍රේ බෝතලයක් සහ විවිධ ස්ථානවලට රන් භාණ්ඩ උකස් කරන ලද රිසිට්පත් තුනක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.