
යේමනයේ හුති කැරලිකරුවන් විසින් එරට සම්පූර්ණ රතු මුහුද වෙරළ තීරයේම පාලනය අත්පත් කරගෙන තිබෙනවා .
ඒ සමඟ තීරණාත්මක ජල මාර්ගය මත කැරලි කණ්ඩායමේ පාලනය තවදුරටත් තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. සෞදි තෙල් අපනයන කප්පාදු කිරීමේ අරමුණින් බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධියේ පිහිටි උපායමාර්ගික වශයෙන් වැදගත් මයුන් දූපත සහ මහා හා කුඩා හැනිෂ් දූපත් හුතිවරුන් විසින් අල්ලා ගනු ලැබුවා . ඉන් අනතුරුව, රතු මුහුද වෙරළ තීරයේ රජයේ පාලනය යටතේ පැවති සියලුම භූමි ප්‍රදේශ මේවනවිට අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ . මේ අතර, යේමනයේ මොකා ගුවන්තොටුපළ ඉලක්ක කර ගනිමින් සෞදි හමුදා විසින් ගුවන් ප්‍රහාර දෙකක් එල්ල කර තිබෙනවා . හූතිවරුන්ට සම්බන්ධ අල්-මසිරා නාලිකාව මේ බවව් තහවුරු කර තිබුනා .














