ත්රිකුණාමලයේ සිට පුල්මුඩේ දක්වා වූ මුහුදු තීරයේදී රතු කකුලු පැටවුන් දහස් ගණනක් මියගොස් වෙරළ තීරයට ගොඩ ගසා තිබෙනවා.
හදිසියේම රතු කකුලු පැටවුන් මේ අන්දමට මියයාමට හේතුවක් නිශ්චය වශයෙන් හදුණා ගෙන නැහැ.
මේ තත්ත්වය ක්රමයෙන් මුලතිව් මුහුදු වෙරළ දිශාවටද ලගා විය හැකි බැවින් මේ සිද්ධිය සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවයි ධීවර පරීක්ෂක නිලධාරීන් සදහන් කරන්නේ.
දැනට එම කලාපයේ රතු කකුලු පැටවුන් මිලියනයක පමණ ප්රමාණයක් මියගොස් ඇති බවයි එම වාර්තා සදහන් කරන්නේ.