රත්නපුර මහ නගර සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයකින් පරාජයට පත්ව තිබෙනවා.
රත්නපුර මහ නගර සභාවේ පාලන බලය ජාතික ජන බලවේගය සතු වනවා.
ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 13ක්ද විපක්ෂව ඡන්ද 14ක්ද හිමිවීමත් සමගින් රත්නපුර මහ නගර සභාවේ අයවැය ආණ්ඩුව පරාජයට පත්ව තිබෙනවා.
ඡන්ද විමසීම සඳහා නගර සභාවේ සභිකයන් 27 දෙනාම සහභාගි වී තිබෙනවා.
මෙහිදී විපක්ෂය නියෝජනය කරනු ලැබූ එල්.පී. ලියනආරච්චි නාගරික මන්ත්‍රීවරයා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
මෙම ඡන්ද විමසීමෙන් අනතුරුව පොදු විපක්ෂය විසින් මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වා සඳහන් කර සිටියේ නගරාධිපතිවරයාගේ දැඩි බව සහ අසාමාන්‍ය අයුරින් බදු වැඩි කිරීම නිසා මෙම තීන්දු ගත් බවයි.
රත්නපුර මහ නගර සභාවේ පාලන බලය හිමි ජාතික ජන බලවේගය නියෝජනය කරමින් සභිකයන් 12 දෙනෙක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සභිකයන් 5 දෙනෙක්ද සමගි ජන බලවේගය නියෝජනය කරමින් සභිකයන් 5 දෙනෙක්ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සභිකයන් දෙදෙනෙක්ද පොදුජන එක්සත් පෙරමුණ, සර්වජන බලය සහ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් සභිකයන් එක් අයෙකු බැගින් තේරී පත්ව තිබෙනවා.













