රත්නපුර ප්‍රදේශයේ ගංවතුර ගැටලුවට විසදුම් සෙවීම සඳහා අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතාගේ ප්‍රදානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
ඉංජිනේරුමය කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය මගින් උපදේශකත්වය ලබාදෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවයි.
රත්නපුර ගංවතුර පාලනයට මෙතෙක් ගෙන ඇති පියවර අසාර්ථක වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අවදානය යොමුකළ වත්මන් රජය ගැටලුවට තිරසර විසඳුමක් සෙවිමේ අරමුණ ඇතිවයි එම වගකීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත පවරා දී තිබෙන්නේ.
ඒ අනුව ඉංජිනේරුමය කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයේ උපදේශකත්වය ඇතිව රත්නපුර ගංවතුර පාලනය සදහා ව්‍යාපෘතියක් සකස් කර තිබෙනවා.
එම ව්‍යාපෘති යෝජනාව අදාළ නිලධාරීන් විසින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළා.
ගංවතුර පාලනය සඳහා ඩ්‍රයි ඩෑම් සංකල්පය හඳුන්වාදෙමින් අතිරේක ජලමට්ටම පාලනය කිරීම එක් සැලැස්මක් වනවා.
දෙවන යෝජනාව වන්නේ උමං ජල මාර්ගයක් මගින් උඩවලවට ජලය හැරවීමයි.
තුන්වන යෝජනාව ලෙස කළුගග මෝය කට පුළුල් කිරීම ඇතුලත්.
ව්‍යාපෘතිය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා මෙහිදි උපදෙස් දුන්නා.













