ගතවූ පැය 24 ක තුලදී මෙරටින් වෙඩි තැබීම 03ක් වාර්තා වනවා .
ඒ හංවැල්ල , මීගොඩ සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශ වලින් .
ඒ අතරින් හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ එක් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තාවන්නේ.
මෙහිදී 55 හැවිරිදි අයෙකුගේ පාදයකට තුවාල සිදුව ඇති අතර, ඔහු රෝහල්ගතකර ඇති බව පොලිසිය පවසනවා.
හංවැල්ල – තුන්නාන ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කර පළා ගොස් තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයා හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන දැනට ඩුබායි සිටින ලලිත් කන්නන්ගරගේ සමිපතමයකු බව කියන ඉරේෂ් නැමැත්තාගේ පියා බවටයි අනාවරණය වී ඇත්තේ.
මේ අතර මීගොඩ, මහවත්ත, මුතුහේනවත්ත ප්‍රදේශයේ තවත් වෙඩි තැබීමක් සිදුව තිබුණා .
එම ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී අහසට වෙඩි තැබීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලිසිය පොලිසිය සදහන් කළා
එමෙන්ම මිනුවන්ගොඩ කොටුගොඩ ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ තවත් වෙඩිතැබීමක් සිදුකර තිබුනා .
නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු විසින් දිලීප ලක්මාල් හෙවත් ‘පස් දිලීප‘ නමින් හඳුන්වන පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් අදාළ ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
කෙසේ වෙතත් එහිදී කිසිදු පුද්ගලයෙකුට හානි සිදුව නොමැති අතර පොලිසිය ඒ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.