විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙක් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පුවරසන්කුලම්, තාරේකුලම් ප්‍රදේශයේදී සැකකරු අතඅ්ඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41ක් පමණ වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කොරියාවේ රැකියා ලබාදෙන බවට පවසා සැකකරු පුද්ගලයන් 150කගෙන් පමණ රුපියල් කෝටි 15කට අධික මුදලක් වංචා කිරීම, සාවද්‍ය පරිහරණය සහ විහ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජීප් රථයක්, ඉඩමකට අදාළ ඇටෝනි බලපත්‍රයක් හා ජංගම දුරකථන දෙක්කස සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගැනුණු බවයි පොලිසිය පවසන්නේ.
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.