බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් රජයේ අනුමත මත්පැන් අලෙවි කළ බගවන්තලාව ටින්සින් නගරයේ පිහිටි මත්පැන්සලක් මුද්‍රා තබා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව මධ්‍යම පළාත් සුරාබදු අධිකාරි ජානක පෙරේරා මහතා පවසනවා.
එම මත්පැන්සැලේ රජයේ අනුමත මිලට වඩා මත්පැන් අලෙවි කරන බවට මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයට ලද පැමිණිලි කිහිපයක් මත මධ්‍යම පළාත් සුරාබදු විශේෂ ඒකකයේ නිලධාරීන් විසින් මෙහෙයුමක් සුදුකර අදාළ මත්පැන් අලෙවි සැල මුද්‍රා තබා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
බලපත්‍ර නීති උල්ලංඝනය කර මත්පැන් අලෙවි කිරීම සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා දැනුවත් කිරීමට පියවර ගත් බවද කොමසාරිස්වරයාගේ උපදෙස් අනුව ඉදිරි නෛතික පියවර ගන්නා බවද ජානක පෙරේරා මහතා කියා සිටියා.
මධ්‍යම පලාත් සුරාබදු සහකාර කොමසාරිස් තිස්සකුමාර රාජපක්ෂ, සුරාබදු අධිකාරී ජානක පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති සරත් ජයවීර යන මහතා ඇතුළු පිරිසක් මෙම මෙහෙයුමට එක්වූවා.