රට නවමු දිශානතියකට රැගෙන යාමට පළාත් පාලන මැතිවරණයෙන් ලැබූ ජය ඉවහල් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා
රට පෙරට ගෙන යාමට මාලිමාව කෙරෙහි තැබු විශ්වාසය ජනතාව මෙවර ද තබා ඇති බවත් රට තුළ ඇති කළ නව දේශපාලනික සංස්කෘතිය ඔස්සේ ගම දියුණු කරන්නට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමට ජනතාව මාලිමාවට අවස්ථාව ලබාදී ඇති බවත් ඔහු සඳහන් කළා
එමෙන්ම ජනතා විශ්වාසය කිසිලෙසකින්වත් පළුදු නොකරන බවත් ඒ මහතා අවධාරණය කර සිටියා