රාජපක්ෂ පාලන සමයේ පාතාල නායකයින් රට අතහැර පලා ගිය බවත් එම කාලයේ පාතාල ක්‍රියාකාරකම් නතරව තිබූ බවත් පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සාගර මහතා මෙම අදහස් පළකර සිටියා.
පාතාලය මේවන විට නිවෙස් ඉදිරිපිටට, පොලිසි ඉදිරිපිට පැමිණ වෙඩි තබා යන තත්ත්වයට පත්ව ඇති බවත් පාතලය මේ තත්ත්වයට පත්විමේ වගකීම ආණ්ඩුව ගතයුතු බව සාගර මහතා පවසනවා.
පාතලය මෙහෙයවපු කට්ටිය සම්බන්ධයෙන් බිමල් රත්නායක මහතා ප්‍රකාශයක් කරනවා.
රාජපක්ෂවරුන්ගේ කාලේ තමයි පාතාල නායකයෝ මේ රට අතහැරලා පැනලා ගියේ.
රාජපක්ෂ කාලේ තමයි ලංකාවේ පාතාල ක්‍රියාකාරකම් නතර වුණේ.
රටේ ජනතාව මැරිලා ඉපදුනේ නැහැ.
රටේ ජනතාව දන්නවා රාපක්ෂවරුන්ගේ කාලේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්නන්න ගෙනියද්දි වෙඩි තියලා මරාදානවා කියලා ඒකට විරුද්ධ වුණේ උද්ඝෝෂණය කළේ ඔබලා මිසක් මේ රජයේ වෙන කවුරුත් නෙමෙයි.
පාතාලය දැන් ඔබලගේ ආණ්ඩුව යටතේ බිමල් මහතා සභානායක ධූරය දරණ ඇමතිකම් දරණ ආණ්ඩුව යටතේ දිනෙන් දින මහපාරේ ගෙවල්වලට ඇවිල්ලා වෙඩි තියලා යන තත්වයට පත්වෙලා තියෙනවා.