අප රටේ බුදුදහමට සම්බුද්ධ ශාසනයට සුවිශේෂී තැනක් හිමිව තිබෙන බවත් එය තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් උත්තරීතර නීතිය තුළින් තහවුරු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එහි දී අප සියලු දෙනාගේම වගකීම සහ යුතුකම වන්නේ සම්බුද්ධ ශාසනය, ආගම ධර්මය, සංස්කෘතිය සුරක්ෂිත කරන වැඩකටයුතුවලට යොමුවීම බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඓතිහාසිය නවගමුව දේවාලයේ වාර්ෂික පෙරහැර අවස්ථාව සඳහා එක්වීමෙන් අනතුරුවයි.
මෙරට බුද්ධශාසන අමාත්‍යාංශයත් බුද්ධශාසන අරමුදලත් ඇති කළේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා බවත් ඒ ප්‍රතිපත්ති අනුගමනය කරමින් සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතභාවය තහවුරු කරන්නට අදත් ඉදිරියේදීත් නිරතුරුවම කැපවෙන බවයි සජිත් ප්‍රේමදාස මහතා එහිදී කියා සිටියේ.
අප රටේ බුද්ධ ශාසන අමාත්‍යාංශයක් තිබිය යුතු සේවා අනෙකුත් ආගම් නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යාංශ බිහි කිරීමේ කාර්ය එදා රණසිංහ ප්‍රේමදාස මහතාගේ යුගයේ තිබූ බවද ඔහු පෙන්වා දුන්නා.
එයට හේතුව රටේ ඒකීය භාවය, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත වන්නේ රටේ එකමුතුභාවය සමගිය සාමදානය තහවුරු කිරීමෙන් බවත් අපේ උතුම් රට පණටත් වඩා සුරක්ෂිත කරන්නට ආගම දහම සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්නට කළ හැකි උපරිම කැපකිරීම් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා’කියා සිටියා.