නිදහස් සෞඛ්‍ය යනු ජනතාව සතු මානව අයිතියක් බවත් නිදහස් සෞඛ්‍ය සේවාව තුළ කාර්යක්ෂම සේවාවක් රටේ ජනතාවට ලබා ගැනීම මූලික අයිතිවාසිකමක් වුවත් මේ මොහොත වන විට අප රටේ සෞඛ්‍ය පද්ධතියේ බරපතල කඩාවැටීමක් සිදුව ඇති බවත් එයට හේතුව වන්නේ ශල්‍ය උපකරණ ඇතුළු බරපතල ඖෂධ හිගයක් ඇතිව තිබෙන බවත් පිළිකා රෝගීන්ට, හෘද රෝගීන්ට, අධික රුධිර පීඩනය ඇති රෝගීන්ට, වකුගඩු රෝගීන්ට, දියවැඩියා රෝගීන් භාවිත ඖෂධ මෙන්ම වේදනා නාශක, පිළිකා නාශක ඖෂධ සියල්ලකගේ බරපතල හිගයක් ඇති බවත් වාර්තා වන ආකාරයට 180කට වැඩි ඖෂධ ප්‍රමාණයක හිගයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.
රෝහල් පද්ධතියේ ඖෂධ හිගයක් ඇති බවට පාර්ලිමේන්තුවේ පවා තමා මතු කළ බවත් නිදහස් සෞඛ්‍ය යටතේ රජයේ රෝහලට ගියත් ඖෂධ නොලැබෙන නිසා පෞද්ගලික වෛද්‍ය ආයතන හරහා අධික මුදලකට ඖෂධ ලබා ගැනීමට සිදුව ඇති බවත් එය නිදහස් නිවහල් සෞඛ්‍ය සේවාවක් නොව මුදලකට ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවාවක් බවත් අප රටේ සුබ සාධන ආර්ථිකය සහ සුබ සාධන රාජ්‍ය තුළ නිදහස් නිවහල් සෞඛ්‍ය සේවාව කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන්න අමාත්‍යවරයා, අමාත්‍යාංශය නිලධාරීන් ප්‍රමුඛ බලධාරීන් සමස්ත රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ රටේ පවතින බරපතල ඖෂධ හිගය ගැන අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.