ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, චැඩ්, කොංගෝ ජනරජය, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල ජාතිකයින්ට එක්සත් ජනපදයට ඇතුළු වීම තහනම් කර තිබෙනවා. ඒ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්.
එමෙන්ම තවත් රටවල් 7ක් සඳහා අර්ධ සංචාරක සීමාවන් පනවා ඇති බවයි වාර්තා වන්නේ.
එම රටවල් වන්නේ, බුරුන්දි, කියුබාව, ලාඕසය, සියරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාවයි.
ට්‍රම්ප් මෙලෙස සංචාරක තහනමක් පැනවූ දෙවන අවස්ථාව මෙය වන අතර, ඔහු සිය පළමු ධුර කාලයේදී, එනම් 2017 වසරේදී ද මෙවැනි තහනමක් පනවනු ලැබුවා.