රටවල් 12 ක වැසියන්ට ඇමෙරිකාව තහනම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා.
ඒ අනුව ඇෆ්ගනිස්තානය, මියන්මාරය, චැඩ් රාජ්‍යය. කොංගෝ ජනරජය. ගිනියාව, එරිත්‍රියාව, හයිටි රාජ්‍යය, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල් සදහා මෙය ක%ියාත්මක වනු ඇති.
මෙම රටවල් 12 ට අමතරවල රටවල් 7 කට අර්ධ සංචාරක සීමා පැනවීමට ද ට්‍රම්ප් නියෝග කර තිබෙනවා.
එම රටවල් වන්නේල බුරුන්දි රාජ්‍යය, කියුබාව, ලාඕසය, සියෙරා ලියෝන් රාජ්‍යය, ටෝගෝල ටර්ක්මිනෙස්තාන් සහ වෙනිසියුලාවයි.
2017 වසරේල ට්‍රම්ප් පළමු වරට ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කරන සමයේදී ද මේ අයුරින් රටවල් කීපයකට සංචාරක තහනමක් පනවනු ලැබුවා.