එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ආපදා ආධාර රැගත් තවත් ගුවන් යානා 02ක් අද පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
එරට ගුවන් හමුදාවට අයත් විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් වන ක්-17 වර්ගයේ යානා අබුඩාබි නුවර සිට මෙරටට ළඟා වී ඇති බවයි වාර්තා වන්නේ.
ආපදා සහන මෙහෙයුම් සඳහා යොදාගන්නා වාහන සහ ආහාර මෙම භාණ්ඩ තොගයට අයත් වනවා.
මෙම ආධාර තොගය භාරගැනීම සඳහා මෙරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලයේ නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් ද ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මේ අතර බංග්ලාදේශය සිට පළමු වරට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
මෙම ගුවන් යානය තුළ කිලෝ ග්‍රෑම් 9,227 ක් බරැති ඖෂධ , වියළි ආහාර , මදුරු දැල් , විපතට පත් වූවන් ගලවා ගැනීමේ උපකරණ ඇතුලත් බවයි වාර්තා වන්නේ.
බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් සී.- 130 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බංග්ලාදේශයේ ඩකා නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
එමෙන්ම ආපදාවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් ශ්‍රී ලංකා විදේශ චීන සංගමය විසින් රුපියල් මිලියනයක මුදලක් ප්‍රදානය කර තිබෙනවා.
ඊට අදාළ චෙක්පත ජනාධිපති කාර්යාලය වෙනුවෙන් මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා විසින් භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ.










