නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීමක් අධ්‍යාපන අමාත්‍යංශයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
මෙහිදී මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීමක් සිදුවූ අතර , නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සිදුවන ආකාරය පිළිබදවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අදහස් පල කළා.
මේ අතර යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ හමුවක් ඊයේ පැවැත්වුණා.
ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දීයි.
එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සදහන් කලේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස් සහ යෝජනාවලට අවධානය ලබා දීමට සුදානම් බවයි .
අනතුරුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සිවඥානම් ශ්‍රීධරන්, අජිත් පී පෙරේරා, රෝහිණි කවිරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, දයාසිරි ජයසේකර ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම අදහස් දක්වනු ලැබුවා .
එහිදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම කාලීන අවශ්‍යතාවයක් බවත්, වත්මන් රජය ගෙන ඒමට සූදානම් වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ සාධනීය කාරණා වෙත තම සහායෝගය ලබා දෙන බවත් එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පැවසුවා.