විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක ”රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඊයේ දිනයේදී සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 1,087 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැටලීම්වලින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 583ක්, හෙරොයින් ග්‍රෑම් 416ක් සහ කුෂ් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය රැසක් පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 11 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.
එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට හඳුනාගත් පුද්ගලයින් 16 දෙනෙකු පුනුරුත්ථාපනය සඳහා යොමු කිරීමට ද පියවර ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මේ අතර මොරගහහේන කිදෙල්පිටිය ප්‍රදේශයේ නිවසක සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමත්ව තිබෙනවා.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ පානදුර ඒකකයට අනුයුක්ත නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කෙරුණේ.
කුලී පදනම මත ලබාගත් මෙම නිවසේ කලක සිට මත්පැන් නිෂ්පාදනය සිදු කර තිබෙනවා.
මෙහි තිබි ගෝඩා මිලි ලීටර් තිස්තුන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇති බවයි පොලීසිය වැඩි දුරටත් සදහන් කළේ.











