ඔක්තොබර් මස 30 දින ආරම්භ වූ මත්ද්‍රව්‍ය නිවාරණ ”රටම එකට” ජාතික මෙහෙයුම මඟින් විශාල මත්ද්‍රව්‍ය තොගයක් මේ වනවිට සොයා ගෙන තිබෙනවා.
එම මෙහෙයුම යටතේ ඊයේ දිනය වනවිට දිවයින පුරා සිදුකළ මෙහෙයුම් 23,891කින් සැකකරුවන් 23,550ක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.
එමෙන්ම එම වැටලීම්වලදී නීතිවිරෝධී වත්කම් විමර්ශන සැකකරුවන් 26 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.
මේ අතර, සැකකරුවන් 638 දෙනෙකු පුරනරුත්තාපනයට යොමුකර ඇති අතර, තවත් සැකකරුවන් 614කට රැඳවුම් නියෝග ලබාගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
ඉහත කාලය තුළ සිදුකළ වැටලීම්වලදී අයිස් කිලෝ 650ක්, ගංජා කිලෝ 553ක්, හෙරොයින් කිලෝ 133ක්, මාවා කිලෝ 59ක්, හෂීෂ් කිලෝ 32ක්, කුෂ් කිලෝ 16ක් සහ මදනමෝදක කිලෝ 13ක් සොයාගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.
මේ අතර, ඊයේ දිනය වනවිට අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයින් 16 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, බීමත් රියදුරුන් ද 16 දෙනෙකු විශේෂ මෙහෙයුමක් මඟින් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.










