‘රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පළමු වරට රැස් වී තිබෙනවා .
වර්තමානයේ මෙරට මුහුණ දී සිටින ජාතික ව්‍යසනයක් වන විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම ඉලක්ක කරගත් ජාතික වැඩසටහනක් මෙය ක්‍රියාත්මක වනවා.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම වෙනුවෙන් පසුගිය 13 වන දින රටම එකට ජාතික මෙහෙයුම් වැඩපිළිවෙළ සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සම්මත වී තිබුණා.
ඒ අනුව රැස් වූ ජාතික මෙහෙයුම් සභාව විසින් මත්ද්‍රව්‍ය ජාලය පිටුදැකීම, ඊට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය, මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරිම සඳහා ජන සහභාගිත්වය ලබාගැනීම, ජනතාව දැනුවත් කිරීම සඳහා බහුජන සංවිධාන සහභාගි කර ගැනීම සහ මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.
අද වන විට මත්ද්‍රව්‍ය උවදුර නිසා තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත අවදානමටලක්ව ඇති බවයි මෙම මෙහෙයුම් සභාව ස්ථාපිත කිරිමේ මූලික පරමාර්ථය පැහැදිලි කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාසදහන් කළේ.
මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සඳහා මහජනතාවගේද සහාය ලබාගැනීමේ වැදගත්කමත්, රටම ඒකරාශි කර ගත් මෙවැනි පුළුල් වැඩපිළිවෙළක් ඇරඹීමේ වැදගත්කමත් මෙම අවස්ථාවට සහභාගී වූ ආගමික නායකයින්ගේ ඇගයීමට ලක් වී තිබෙනවා .
උණුසුම් පුවත්
- කුච්චවේලි ප්‍රාදේශීය සභා සභාපතිගේ ඇප ප්‍රතික්ෂේප වෙයි
- ලොකු පැටීගේ ගෝලයන් දෙදෙනෙක් මාට්ටු
- ඊසිකෑෂ් කුඩු බෙදිල්ල මාට්ටු වෙයි
- මාලිමාවට බලය හිමි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරදියි
- ඇහැළියගොඩ කතකට අයත් කෝටි ගණනක දේපල අක්‍රීය කරයි
- සම්භාහනය මුවාවෙන් වෙන වෙන වැඩ කළ පිරිසක් අත්අඩංගුවට
- රත්මල්ගහවැව ප්‍රාදේශිය රෝහලේ ඩිස්පැන්සරිය වසා දමලා
- මෙවර අයවැය සුරංගනා කතාවක් – සුජිත් – VIDEO –













