දිවයින පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමට නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සියලුම පරිපාලන දිස්ත්‍රික්කවලට අදාළව අදාළ නියෝගය ක්‍රියාත්මකවයි.
ජනාධිපතිවරයා නිකුත් කළ නියෝගය, කතානායකවරයා විසින් මේ බව අද(08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
මහජන ආරක්ෂක පනතේ 40 වැනි පරිච්ඡේදයේ 12 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ලබාදී ඇති බලපතල අනුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී ජනාධිපතිවරයා විසින් කරන ලද නිවේදන ඉදිරිපත් කරමින් කතානායකවරයා මෙම දැනුම්දීම සිදු කළා.