ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය සහ ඉන්දියාවේ සාර්ථක වෙළෙඳ ආර්ථිකය මුසු වීමෙන් වඩාත් යහපත් ප්‍රතිඵල ලබාගත හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
දෙරටේ නිදහස් වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන විය යුතු බවයි අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ.
NDTV – Global Summit සැසිවාරය අමතමින් ඇය මේ බව සදහන් කළා.
එහිදී අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ ජනප්‍රියත්වය මූලික කරගත් නායකත්වයක් නොව අභිවෘද්ධිය අරමුණු කරගත් නායකත්වයකින් රට ඉදිරියට යන බවයි.
තාක්ෂණය උපයෝගී කරගනිමින් මෙන්ම එහි සීමාවන් සහ අවදානම අවබෝධ කරගත යුතු බව ද අගමැතිනිය මෙහිදී අවධාරණය කළා..
ශ්‍රී ලංකාව විනිවිද භාවය තුළින් සමාජ ප්‍රගතිය අත්පත් කරගනිමින් සිටින බව සඳහන් කළ ඇය ඒ සඳහා ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක මෙන්ම යහපත් රාජ්‍ය පාලනයක අවශ්‍යතාවයද ඉස්මතු කර සිටියා.
NDTV – Global Summit ඉන්දියාවේදී පැවැත්වුණේ හිටපු බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, හිටපු ඕස්ටේ්‍රලියා අග්‍රාමාත්‍ය ටෝනි ඇබොට් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්..
උණුසුම් පුවත්
- වසරේ විශාලතම උල්කාපාත වර්ශාව අද රාත්‍රියේ
- ජාතික පොපි මල් සැමරුම අගමැති ප්‍රධානත්වයෙන්
- සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගනියි
- කිරින්දෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කළ බවට සැකකෙරන ධීවර යාත්‍රාව සොයාගෙයි
- ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් එක් දින තරගය අද පස්වරුවේ
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක
- ප්‍රජා ශක්ති යටතේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඩිජිටල් කරණයට පියවර
- “කන්න දුන් නැතිටික විතරයි.අම්මව පාවිච්චි කරන්න එපා මල්ලි” ශිහාන්ට මලපනියි













