ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවේන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හදිසි විධායක සහ මධ්‍යම කාරක සභාවක් කැඳවීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කරන බවයි එම සංගමය සදහන් කළේ.
ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා මේ බව පැවසුවා.














