ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නව ඩිජිටල් ඉන්ධන කාඩ්පත් පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා.
ඒ රජයේ වාහන සඳහා ඉන්ධන ලබා දීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ එහි විනිවිදභාවය තහවුරු කිරීම සඳහායි.
මෙම නව වැඩපිළිවෙළ යටතේ සියලුම රජයේ වාහන සඳහා විශේෂිත ඩිජිටල් ඉන්ධන කාඩ්පතක් නිකුත් කෙරෙන අතර එමගින් දිවයින පුරා පිහිටි ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
රජයේ වාහන සඳහා ඉන්ධන බෙදා හැරීමේදී සිදුවන දූෂණ අක්‍රමිකතා අවම කිරීම, දැනට පවතින ලිපි ලේඛන කටයුතු සීමා කරමින් කාලය ඉතුරු කිරීම මෙම පද්ධතිය හඳුන්වාදීමේ අරමුණයි.
එමෙන්ම මෙම නව ඩිජිටල්කරණ වැඩපිළිවෙළ හරහා රාජ්‍ය සම්පත් වඩාත් විධිමත්ව කළමනාකරණය කිරීමටත්, ඉන්ධන නාස්තිය අවම කරමින් ජාතික ආර්ථිකයට සහාය වීමටත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව අපේක්ෂා කරන බවත් එම අමාත්‍යාංශය සඳහන් කලා.













