රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවතිවා තිබෙනවා.
නව රජයේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගය හා එම උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම පිළිබව මෙහිදී අවධානයට ලක් වූ අතර, රාජ්‍ය සේවා කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇති බවයි වාර්තා වුනේ.
රජයේ ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගන්නා ආකාරය පිළිබඳවද මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරුන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණා..
ජනතා සේවාවන් කාර්යක්ෂම කිරීමට සහ නාස්තිය හා දූෂණය පිටුදැකීමට ඩිජිටල්කරණය භාවිත කිරීම පිළිබඳ මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කෙරුණා.
උණුසුම් පුවත්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ












