රජයට අයත් වාණිජ වටිනාකමින් යුත් ඉඩම් මෙරට ආර්ථික සංවර්ධනයට යොදා ගැනිමට අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.
රට පත්ව තිබු ආර්ථික තත්ත්වය හමුවේ අතරමග නවතා දැමුණු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අදාළ ආයෝජකයින්ට අවසන් දැනුම්දීම් සිදුකර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කළා.
අදාළ ව්‍යාපෘති නැවත ආරම්භ නොකරන්නේ නම් ඒවා රජයට පවරාගෙන නව ආයෝජකයින්ට ලබා දීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.