හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ජූලි මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඇති චෝදනාවට ඔවුන් විරුද්ධව ගොනු කළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා නඩු විභාගයට අවශ්‍ය ලේඛන සහ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අඩංගු ලයිස්තුවක් පැමිණිල්ල වෙත ඉදිරිපත් කරමින් ඒවා ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.
ඒ අනුව එම ලේඛන විත්තියට ලබාදීමට පියවර ගන්නා ලෙස විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට දැනුම් දුන්නා. ඉන් අනතුරුවයි මෙම නඩුව ජුලි මස 11 වන දා නැවත කැදවීමට නියෝග කරනු ලැබුවේ.