මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දී තිබෙනවා.
මෙම අධි චෝදනා භාරදීම කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ සිදු වුණු අතර, ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමටද අධිකරණය නියම කර තිබෙනවා.