යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්ත තරගය අද පැවැත්වෙනවා.
අද පස්වරු 1 ට ආරම්භ වන මෙම තරගය පැවැත්වෙන්නේ නැමීබියාවේ වින්ඩ්හොක් ක්‍රීඩාංගණයේදියි.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය විමත් දිනසරට හිමිව ඇති අතර අයර්ලන්ත පිළේ නායකත්වය ඔලිවර් රිලේට හිමිව තිබෙනවා.
“ඒ” කාණ්ඩය යටතේ තරග කරන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා ජපානයට එරෙහිව පැවැති තරගය ලකුණු 203 කින් ජයගැනීමට සමත් වුණා.
එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 04 ක් දැවි ලකුණු 387 ක් රැස්කර ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජපාන කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 184ක් පමණයි.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














