සුඩානයේ සිවිල් යුද්ධයෙන් අසරණ වූ ජනතාවට ආහාර සැපයීමට පිහිටුවා ඇති මධ්‍යස්ථාන 80% ක් පමණ වසා දමා තිබෙනවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයක් මත එක්සත් ජනපද රජයේ සංවර්ධන සංවිධානය හෙවත් යූ එස් ඒඩ් ආධාර ලබා දීම දින 90 කට නවතා දැමීම ඊට හේතුවයි.
ඒ අනුව, ආහාර ලබාදීමේ මධ්‍යස්ථාන 1,100 කට වැඩි ප්‍රමාණයක් වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් මෙම තත්ත්වය හේතුවෙන් එරට මිලියන දෙකකට ආසන්න ජනතාවක් පීඩාවට පත්ව ඇති බව ද සදහන්.