ආපදාවට පත් ජනතාව වෙනුවෙන් යුරෝ මිලියන දෙකයි දශම තුනයි පහකට අධික මානුෂිය ආධාර තොගයක් යුරෝපා සංගමය පරිත්‍යාග කළා.
එම ආධාර රැගත් ගුවන් යානා ජර්මනිය ප්‍රංශය සහ ලක්සම්බර්ග් සිට ඊයේ දිනයේ කටුනායක ගුවන් තොටුපළට පැමිණියා.
යුරෝපා සංගමයට අයත් සාමාජික රටවල් 27 ක් මෙන්ම ඇල්බේනියාව ,බොස්නියාව , හර්සගොවිනා , අයිස්ලන්තය , මෝල්ඩෝවා , මොන්ටිනිග්‍රෝ , උතුරු මැසිඩෝනියා , නෝර්වේ , සර්බියාව , තුර්කිය සහ යුක්‍රේනය යන රටවල් ශ්‍රී ලංකාවට මෙම මානුෂිය ආධාර සැපයීමට දායක වී තිබෙනවා.
අදාළ රටවල තානාපති නිලධාරීන් මෙම මානුෂිය ආධාර තොගය මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් වෙත භාරදුන්නා.
කූඩාරම් , මෙට්ට , සනීපාරක්ෂක සහ මුළුතැන්ගෙය කට්ටල , ඇඳන් ඇතුලු මානුෂිය සහනාධාර ටොන් 83ක් මෙම තොගයට ඇතුලත්.
මීට අමතරව ආපදා තක්සේකරු කිරීම් සහ ප්‍රතිසාධන ක්‍රියාවලියට සහාය වීම සදහා ඉතාලියේ ඉංජිනේරුවන් කණ්ඩායමක් ද මෙරටට පැමිණ තිබෙනවා.
යුරෝපා සංගමයේ කෝපර්නිකස් හදිසි කළමනාකරණ සේවාව වේගවත් සිතියම්කරණය මගින් සිතියම් 30ක් නිර්මාණය කිරීමට ද කටයුතු කර අවසන්.
මේ අතර ජපන් රජයේ සහ යුනිසෙෆ් සංවිධානයේ ආධාර මත මෙරට ආපදාවට පත් ශ්‍රී ලාංකික ජනතාව සදහා ජල හා සනීපාරක්ෂක ක්ෂේත්‍රයට අදාළ කටයුතු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක් වටිනා භාණ්ඩ ප්‍රදානය කළා.













