කොළඹ ඩී.ඇස්.සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති ආර්.අයි.ටී.අලස් මහතාගේ 12වන ගුණානුස්මරණ උත්සවය නොවැම්බර් මස 27 වන දා පැවැත්වීමට නියමිතයි .
ඒ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජික, විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍ය අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම සැමරුම් උත්සවය ඩී.ඇස්.සේනානායක විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා .
1932 වසේ ඔක්තොම්බර් 03 දින ගාල්ල ප්‍රදේශයේ උපත ලැබූ එතුමන් ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර කොළඹ රාජකීය විද්‍යාලයේද වසර ගණනක් සේවය කරනු ලැබුවා .
කොළඹ ඩී.ඇස්.සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිවරයා ලෙස ද එතුමන් විශාල මෙහෙයක් ඉටු කර තිබෙනවා .
එතුමන් කළ මෙහෙය බොහොමයි. එහෙන්ම කොළඹ ගේට්වේ විද්‍යාලයද ආරම්භ කරමින් සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයටත් සමස්ත සමාජයටත් එතුමන් කළ සේවය අමිලයි. එවන් මාහැඟි සේවාවක් ඉටුකල එතුමන් 2013 වසරේ නොවැම්බර් 28 වනදා සිය දිවි සැරිය නිමාකලේ “ආර්.අයි.ටී.අලස්” යන නාමය ශ්‍රී ලංකා ඉතිහාසය තුළ රන් අකුරින් ලියැවුනු සදානුස්මරණීය නාමයක් බව සැමට පසක් කරමිනි.












