රුසියානු විදෙස් කටයුතු අමාත්‍ය සර්ගෙයි ලැව්රෝ, යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට රුසියාව අපේක්ෂා කරන කොන්දේසි කිහිපයක් නිවේදනය කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් පස් දෙනා ඇතුළු රටවල් කණ්ඩායමක් පත්කර යුක්‍රේනයේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවටයි ලැව්රෝ එම නිවේදනයෙන් දක්වා ඇත්තේ.
එම රටවල් අතරට ජර්මනිය සහ තුර්කිය ඇතුළත් වීම අත්‍යවශ්‍ය බවද එහිදී ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
එමෙන්ම එම රටවල් අපක්ෂපාතී, කිසිදු යුදමය කණ්ඩායමක සාමාජිකත්වය නොගත්, න්‍යෂ්ටික අවි අත්හළ රටක් විය යුතු බවට ද රුසියානු විදෙස් කටයුතු අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.