යුක්රේන යුද්ධය අවසන් කිරීමට අමෙරිකාවෙන් සැලසුම්
යුක්‍රේන – රුසියා යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුමක් ඇති කර ගැනීමට සැලැස්මක් සකස් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයෙක් ප්‍රකාශ කර තිබෙනවා
ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු වන සමයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ යුක්රේන – රුසියා යුද්ධය එක් දිනකින් අවසන් කළ හැකි බවයි
එමෙන්ම යුක්රේනයේ ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමට ඇමෙරිකාවට අවශ්‍ය බවද අදාළ නියෝජිතයා ප්‍රකාශ කර තිබෙනවා
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යුක්රේනය, රුසියාව සමඟ සටන් විරාමයකට එළඹීමට කැමැත්තක් දක්වන්නේ නම් එම මැතිවරණය වසර අවසානයේදී පැවැත්වීමට හැකියාවක් පවතින බවයි