රුසියාවට සියයට සියයක ඉතා දැඩි ද්විතීයික තීරු බදු හඳුන්වා දෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. දින 50 ක් ඇතුළත යුක්‍රේනය සමඟ සටන් විරාම ගිවිසුමකට එළැඹෙන්නේ නැත්නම් මෙම ද්වීතික තීරු බද්ද ක්‍රියාත්ම කිරීමට එක්සත් ජනපදය සූදානම් බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ. නේටෝ මහලේකම් මාර්ක් රූට් සමඟ ඕවල් කාර්යාලයේ පැවති රැස්වීමකදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පිළිබඳ ප්‍රකාශ කර තිබෙනවා.දින පණහකින් අපට ගිවිසුමක් නොමැති නම් අපි ඉතා දැඩි තීරු බදු පනවන්නෙමු යනුවෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා එහිදී පවසා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. කෙසේ වෙතත් තීරු බදු ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ ඔහු නිශ්චිත තොරතුරු ලබා නොදුන් බවද විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.
උණුසුම් පුවත්
- හිටපු මන්ත්‍රී ෂකිබ් තීරණයක් වෙනස් කරයි !
- චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි
- ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ කර්මාන්තකරුවන්ට ලක්ෂ 2 ක්
- රජය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි
- ආධාර රැගෙන චීනයෙන් ගුවන් යානයක්
- ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්
- කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව
- හානි වූ ඇල මාර්ග යළි යථා තත්ත්වයට











