යුක්‍රේන පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයෙකු වූ ඇන්ඩ්‍රි පරුබියි වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
කුරියර්වරයෙකු ලෙස සැරසී වීදියේ සිටි පුද්ගලයෙකු විසින් ඇන්ඩ්‍රි පරුබියි වීදියේ ගමන් කරමින් සිටියදී ඔහු පිටුපසින් පැමිණ වෙඩි තබා ඇති බවටයි විදෙස් වාර්තා සදහන් කලේ.
යුක්‍රේනයේ බටහිර නගරයක් වන ලිවිව්හිදී මෙම ඝාතනය සිදු කර තිබෙනවා.
ඝාතකයා සොයා මේ වන විට එරට විශේෂ විමර්ෂනයක්ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
යුක්‍රේන ජනාධිපතිවරයා මෙම ඝාතනය පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙය බිහිසුණු මිනීමැරුමක් වන බවයි.
ඔහු ජීවිතක්ෂයට පත්වන විටත් වත්මන් පාර්ලිමේන්තුවේ නීති සම්පාදකයෙකු ලෙසද කටයුතු කර ඇති බවටයි වාර්තා වන්නේ.