යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ ඇති වූ මතභේදයත් සමඟ, රුසියන් හමුදා සමඟ සටන් වැදීමට යුක්රේනයට ලබා දෙන සියලුම හමුදා ආධාර නැවැත්වීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
ඒ අනුව, මින් ඉදිරියට ඇමෙරිකාවෙන් යුක්රේනයට කිසිදු හමුදා ආධාරයක් නොලැබෙනු ඇති බවයි ඇමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ.
කෙසේ වෙතත් , කැනඩාව සහ යුරෝපා සංගමයට අයත් රටවල් වන, බෙල්ජියම, ක්‍රොඒෂියාව, එස්තෝනියාව, ෆින්ලන්නය, අයර්ලන්තය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, පෘතුගාලය, ස්ලෝවේනියාව, ස්පාඤ්ඤය සහ ස්වීඩනය ජර්මනිය ඒකමතිකව තීරණය කර ඇත්තේ යුක්රේනයට හැකි පමණින් සහය පළ කිර